snow

Monday, December 20, 2010

PHP එච්චර අමාරු නෑ....දෙවන දිගහැරුම....



PHP වැඩ කිරීමට ඕන කරන පරිසරය සකස් කරන ආකාරය පසුගිය Post  එකෙන් අපි කතා කලා ඔයාලට  මතක ඇතැයි විශ්වාස කරනවා.

ඉතින් , වැල්වටාරම් නැතුව අපි අපේ කතාවට බහිමු.විශේෂයෙන් PHP භාෂාවේ ගැඹුරු තැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන නිසා ආරම්භක කරුණු කෙටියෙන් පැහැදිලි කරන්න හිතුවා. සුපුරුදු විදියටම පලමුවෙන් ,අපි අපේ පලමු PHP script එක text එකක් අපේ browser එකේ display කරන්නේ කොහොමද කියලා බලමු.මේ සඳහා ඔයාලා භාවිතා කරන text editor එකේ පහත script එක type කරගන්න

<?php
print ("Hello ! This is my first PHP script");

?>

දැන් මේ PHP file එක ඔයාලා save කරගන්න ඕනේ.ඒ අපි මුලින් කතා කල C: drive එකේ wamp\www කියන folder එක ඇතුලේ. ඊ ලඟට මේ file එක run කරවන අයුරු බලමු.මේ සඳහා අපි අපගේ server එක ක්‍රියාත්මක තත්වයට පත් කල යුතුයි.ඔයාගේ මෙනු එකේ තියෙන  wampserver එක  ක්‍රියාත්මක කරන්න,දැන් ඔයාට system tray  එක දිහා බැලුවම ,wampmanager  icon එක පෙනේවි.





මෙහි රතු පාටින් දක්වා තියෙන්නේ wamp manager icon එක.ඔයාට දකින්න පුලුවන් ඒ icon එකේ පාට  සම්පූර්ණයෙන්ම සුදු පාට වෙලා තියෙනවා.ඒ ඇත්තටම server එක active ඒ කියන්නේ සක්‍රිය වෙලා ඇති අවස්ථාව.ඒ වගේම පහත image එක බලන්න .එහි wamp manager icon එකේ කොටසක් රතු පාට වෙලා ඇතිබව ඔයාට දකින්න පුලුවන්.




ඒ කියන්නේ ඒ අවස්ථා‍වේ server එක අක්‍රිය වෙලා තියෙන බව. ඒ icon එක උඩ click කලාම ඔයාට wamp menu එක ලැබෙයි.

එහි localhost  කියන මෙනු එක click කරලා server  එකට යන්න පුලුවන්. එතකොට default browser ඔයාගෙ එක වේවි. අපි මුලින් ලියපු PHP file එක save කලේ කෙලින්ම www folder  එක ඇතුලේ නම් ඔයාට පුලුවන් address bar එකේ අගට ඔයාගේ file එකේ නම type කරලා enter කරන්න.උදාහරණයක් විදියට ලියූ file එක hello.php නම් ,address bar  එක මේ විදියට දිස් වේවි. 

http://localhost/hello.php





නැත්නම්  ඒ file එකට path එක දෙන්න ඕන.මම මේ file එක save  කලේ www folder එක ඇතුලේ PHP_blog කියලා folder එකක.

එතකොට මගේ එක වෙන්නේ  http://localhost/PHP_blog/hello.php
http://localhost/  කියන්නේ ඔයාගේ server  එකේ www folder එකට බව ඔයාලට පැහැදිලි ඇති.
දැන් අපි බලමු අපේ output  එක කොහොමද කියලා.










ඔයාගේ output  එක මේ විදියට ලැබෙයි.

මී ලඟ post එකෙන් අපේ script  එක ගැන චූටි අධ්‍යයනයක් කරමු.




Sunday, December 19, 2010

PHP එච්චර අමාරු නෑ....පළමු දිගහැරුම....



කෙලින්ම වැඩේට බහිමු..


 ඒත් ,PHP  වල වැඩ .ආරම්භ කරන්න ඉස්සෙල්ලා , අපේ පරිගණකය තුල අපි චූටි වැඩ ටිකක්, ඒ කිවුවේ ,චූටී configurataions  ටිකක් කරගෙන ඉන්න ඕන.අපි බලමු ඒ මොනවද කියලා.



 ඔබේ පරිගණකය තුල PHP run කිරීමට සපුරා ගත යුතු අවශ්‍යතා. 
1. Server එකක් ...
                    PHP යනු server side language එකක් නිසා එය run කිරීමට අපගේ පරිගණකය තුල Server එකක් install කර ගැනීමට සිදුවෙනවා.මේ සඳහා භාවිතා කලහැකි විවිධ සර්වර්ස් වර්ග තිබෙනවා.Apache, Microsoft IIS, යනු ඉන් කීපයක්.මෙහිදී, ගුණාත්මක භාවය සහ විවෘත මෘදුකාංගයක් නිසා , අපි තෝරගන්නේ Apache වෙබ් සර්වර් එකයි.මෙය download කරගැනීම පහත link එක මගින් කර ගන්න පුලුවන්.
http://httpd.apache.org/download.cgi
අනතුරුව මෙම Server  එක  මත PHP install කරගත යුතුයි.ඒ සඳහාPHP download  කරගැනීම පහත පහත link එක මගින් කර ගන්න පුලුවන්.
http://php.net/downloads.php 
ඒ වගේම අපේ වැඩ වලට database  සම්බන්ධ වෙන නිසා Database server  එකකුත් install  කරගන්න ඕන.මේකට අපි යොදා ගන්නේ MySQL කියන Database server එක.මේකත් පහත link එකෙන් download 
කරගන්න පුලුවන්.
http://dev.mysql.com/downloads/ 
මේ මම කියපු සේරම මෘදුකාංග විවෘත මෘදුකාංග .වාණිජ  මෘදුකාංග නෙමෙයි.
 2.PHP coding කිරීමට Text editor  එකක්...
මේ සඳහා, Adobe Dreamweaver සුදුසුයි. ඒත් , ඔයාලාට ඕන නම් Notepad වුනත් කමක් නෑ.හැබැයි Dreamweaver නම් වාණිජ මට්ටමේ මෘදුකාංගයක්. ඒ සඳහා ඔයාලා මුදල් ගෙවීමක් කරන්න ඕන. ඒත් , free php coding editors කියලා google search එකක් කරලා free editors ඕන තරම් හොයාගන්න පුලුවන්.
( සමහරවිට ඔයාලා අහලා ඇති , Eclipse කියලා software  එකක්. ඒකේ තියෙනවා PHP වලට නිර්මාණය කරපු IDE   එකක්.මේ link එකෙන් ඒක download  කරගන්න පුලුවන් .http://www.eclipse.org/pdt/downloads/  . ඒකත් , වෘත්තිමය තත්වයේ තියෙන හොද Software එකක්.
 ඒ වගේම Zend studio client http://www.zend.com/en/products/studio/downloads  කියන එකත් හොඳයි.
)


ඒත් දැන් අපි මේ Softwares ටික  download කරලා install  කලාට , ඒවා configure  කරන්නත් ඕන. ඒක ටිකක් දිග වැඩක්. ඒ හින්දා ඒක මම වෙන Post  එකක කියන්නම්.දැන් අපි බලමු ඊට වඩා ටිකක් ලේසි වැඩක්.මේ සේරම එකතු කරපු තනි මෘදුකාංගත් තියෙනවා.උදාහරණ තමයි , WAMP Server  සහ  XAMPP Server .මෙහි XAMPP වල විශේෂත්වයක් තියෙනවා.ඒ තමයි ඕනම මෙහෙයුම් පද්ධතියක් සමග වැඩ කිරීමේ හැකියාව. ඒ වගේම මේ දෙකම විවෘත මෘදුකාංග .


මෙහිදී මම භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ  wamp server එක .මේ දෙකේම එතරම් ලොකු විශේෂත්වයක් නැති බව නම් කියන්න ඕන.
Wamp Server එක Download කරගෙන install කරගත්තට පස්සේ ඔයාලාට දකින්න පුලුවන් එකේ කියලා එකක්.එකේ ඇතුලේ තියෙනවා www කියලා folder එකක්.මේක තමයි ඔයාලගේ  Server එකේ Document root එක .කෙටියෙන් කිව්වොත් Server එකට දමන්න ඕන , Files copy  කරන්න ඕන මේ folder එකට තමයි.
(XAMPP වල නම් මේ වෙනුවට තියෙන්නේ htdocs කියලා folder  එකක්)

දැන් මූලික වැඩ ටික සම්පූර්ණ කරලා ඉවරයි.(ටිකක් දිග ක්‍රියාවලියක් කෙටියෙන් පැහැදිලි කලේ ...අපැහැදිලි තැනක් තියෙනවනම් අහන්න.)
අවශ්‍ය කරන පරිසරය හදාගෙන අවසාන නිසා ...PHP  මුල සිට " PHP එච්චර අමාරු නෑ....දෙවන දිගහැරුම...." තුලින් බලමු.
ප.ලි 
විශේෂයෙන් කියන්න ඕන , මේ හැම කොටසක් අවසානයේදිම Workshop එකක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ..මේ ගැන උනන්දු අය මේ වැඩේට සක්‍රිය ව දායක වෙයි කියලා විශ්වාස කරනවා. ඉදිරියෙදි මේ ගැන වැඩි විස්තර කියන්නම්. 




 


 



PHP එච්චර අමාරු නෑ....



web02-helpdesk බ්ලොග්  අඩවිය ආරම්භ කලේ , එහි නමේ හැටියටම , අලුත්  web patterns ,technologies ගැන අලුතින් ඔයාලට කියන්න.ඒත් , server side scripting ගැන ඔයාලා මුලින් දැනුවත් කිරීම වඩා සුදුසුයි කියලා මම හිතුවා.ඒ වගේම , client side scripting (ඒ ගැන පසුව විස්තර කරන්නම්) ගැනත් කතා කලොත් හොඳයි කියලා හිතුවා. ඒ හින්දා , server side scripting languages අතරින්  PHP  කියන language එක ගැන වැඩිදුර බලමු.ඒ වගේම ඉදිරියේදී , client side scripting අතරින්  javascript language එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ යටතේ , මේ ක්‍රම දෙකම එකතු වුණු  AJAX තාක්ෂණය ගැනත් කතා කෙරෙනවා ඇති.

Friday, December 17, 2010

joomla අපේ කරගැනීමට jumi භාවිතා කරමු

මෙහිදී මම කියන්න බලාපොරොත්තු වෙන්නේ , jumi භාවිතා කරලා සරල PHP script  එකක් කොහොමද joomla උඩ run කරවන්නේ කියලා.සමහරවිට complete module එකක් හරි  component  එකක් හරි ලියන එක ටිකක් අමාරු වැඩක් නිසා මම හිතුවා මේ වගේ දෙයක් පැහැදිලි කරන එක ටිකක් ප්‍රයෝජනවත් වෙයි කියලා.

ඉස්සෙල්ලාම, අපි jumi component එක joomla  වලට install  කරගන්න ඕන.මේ පහල තියෙන link එකෙන් jumi download කරගන්න පුලුවන්.
http://edo.webmaster.am/jumi
ඊට පස්සේ ,ඔයාලා හදාගනිපු site එකේ backend එකට log  වෙන්න ඕන.(ඒ පිලිබඳව මූලික දැනුමක් ඇතැයි විශ්වාස කරනවා).එතෙන්දි extensions ->install/uninstall ,හරහා ගිහින් අර අපි download කරපු file එක තෝරලා දීලා upload file & install කරන්න



install වීම සාර්ථකව වූ බව කියන පණිවුඩය ලැබුන පස්සේ ඔයාලට දකින්න පුලුවන්,component tab එක උඩ click  කලාට පස්සේ jumi install වී ඇති බව.
 දැන් මූලික වැඩ කටයුතු ටික ඉවරයි.දැන් කරන්න තියෙන්නේ අපේ PHP script එක මේ jumi වලට  කරන එක.මෙහිදී මම සරල , පුංචි උදාහරණයක් භාවිතා කරනවා අංක  1 ඉඳලා 100 ට print වෙන.මෙ තියෙන්නේ code එක

  <?php  

  for($i=0;$i<=100;$i++){  

  print "Number is :".$i."<br/>" ;  

  }  
 ?>  

දැන් මම මේක  save  කරගන්න ඕන මගේ joomla installation folder එක ඇතුලේ . මම මේ සඳහා  jumi_test කියලා අලුත් folder  එකක් හදාගෙන මගේ PHP file එක jumi_test001.php  කියලා save කරගන්නවා.

දැන් , මේ script  එකට Article එකක් ඇතුලේ ඉඳන් call කරන්න ඕන. අපි ඒ සඳහා Aticle එකක්  හදාගනිමු. ඒත් ඊට කලින් තවත් චූටි වැඩක් තියෙනවා කරන්න .අපි මෙහිදී කරන්නේArticle  එකකට පුංචි code part එකක් එහෙම නැත්නම් code snippet එකක් එකතු කරන නිසා, අපේ text inputs කරන editor  එක වෙනස් කරන්න ඕන.(නැත්නම් අපි එකතු කරන code එකත් joomla  සලකන්නේ HTML text  එකක් විදියට).ඒකට site -> global configuration  හරහා ගිහින් එහි  site කියන tab  එකේ තියන Default WYSIWYG Editor එක Editor- No Editor  එක select කරන්න ඕන.










දැන් , content => article manager   හරහා ගිහින්  ලැබෙන window  එකේ අලුත් Article එකක් නිර්මාණය කිරීමට new button එක උඩ click  කරන්න .දැන් ඔබට Article editor වින්ඩෝව ලැබේවි.මෙහිදී ,Article එකට සුදුසු නමක් ලබාදෙන්න.මම භාවිතා කලේ  jumi_test කියන එක.

මෙහි section  එක Uncategorized  ම තබන්න .Category එකත් Uncategorized  ම වෙයි.දැන් පහල Ariticle එක edit කරන කොටසේ ,ඔයාලගේ PHP file එකට call කරන්න ඕන.ඒ සඳහා මේ විදියට type
 කරන්න ඕන.
   { jumi[jumi_test/jumi_test001.php] } 




මෙහි කොටු වරහන් තුල අදාළ file  එකේ path එක ලබාදෙන්න ඕන . මෙහිදී සැලකිය යුතු කාරණය වෙන්නේ අදාළ  path එක relative විදියට  එහෙම නැත්නම් root folder එකට සාපේක්ෂව ලබා දෙන්න ඕන.එ කියන්නේ අපේ PHP file එක දැන් run  වෙන්නේ index.php  file එක ඇතුලෙ නිසා.දැන් මේ article  එක ක්‍රම දෙකකට display  කරවන්න පුලුවන්.එක්කෝ Article එක කෙලින්ම front page එකේ  display කරන්න පුලුවන් .එහෙම නැත්නම් මේක menu  එකකට assign  කරන්න පුලුවන්.
කෙලින්ම front page එකේ display  කරවන්න නම් Article editor  එකට ගිහින් Article  එක තෝරගෙන , Front page කියන එකේ Radio box එක yes කරලා තියන්න ඕන.
එහෙම නැතිව menu  එකකට assign කරනවානම් ,පහත පියවර අනුගමනය කරන්න ඕන.
මම උදාහරණයක් විදියට මේ Article එක main menu එකට assign කරන්නම්
ඉස්සෙල්ලාම menu item එකක් හදාගන්න ඕන.ඒකට menu manager  හරහා ගිහින්mainmanu එක select  කරන්න ඕන.




ඊට පස්සේ , එහි තියෙන new button එක click කරලා අලුත් menu item එකක් එක් කරන්න පුලුවන්. 



දැන් ලැබෙන වින්ඩෝ එකේ menu item එකට නමක් ,දකුණු අත පැත්තේ Parameters (Basic)
එකේ select article කියන තැනින් Article එක තෝරලා දෙන්න පුලුවන්.අනෙක් Parent Item Access Level:වගෙ ඒවට සුදුසු අගයන් ලබාදෙන්න.අන්තිමේදී apply  කරන්න.

දැන් ඔයාලට බලාගන්න පුලුවන් මේ Article  එක කොහොමද display වෙන්නේ කියලා.දැන් අපේ Site  එකට
ගිහින් බලමු.